හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම නිල නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5000කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභී පුද්ගලයන්ගේ නිවාස 150ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 1400ක් බවත් ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ  එප්පාවල ගල්වඩුවාගම මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම මාර්ගය පිළිසකර කෙරෙන අතර, කිලෝ මීටර 2.5 ක් දිගට, මීටර 3.5 ක් පළලින් යුතුව මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු පදනම මත මාස 03 ක් වැනි කෙටි කාළයක් තුළ මෙම මාර්ගය පිළිසකර කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.මේ සඳහා රුපියල් මිලියන 75 ක් ඇස්තමේන්තු කර ඇත.

"දේශපාලඥයෝ වෙන්න පුලුවන්, වෙනත් නිළධාරීන් වෙන්න පුලුවන්, වෙනත් කණ්ඩායමක් ඒ ප්‍රභූ කියන කට්ටියට විශේෂ දේවල් ඕන. ඒ කට්ටියට නීතිය අදාළ නෑ, ඒ කට්ටියට සැප ඕන, ඒ නිසා ප්‍රභූ නිර්ප්‍රභූ කථාවක් තියෙනවානේ. ප්‍රභූ කට්ටියට මාලිගා ඕන, නිකං නිවාස බෑ, ඒ කට්ටියට සේවකයෝ ඕන 100 -150 ක්, බල්ලෝ බලා ගන්නත් කට්ටිය ඔ්න සුනඛ පාලකලා.

ඒවාට රජයෙන් වියදම් කරන්න ඕන, ඒ කට්ටිය හිතනවා රජයේ බූදලයක් කියලා. මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒ කට්ටියව ආරක්ෂා කරන්න ඕන ජීවත් කරවන්න ඕන, ඒක තමයි ඒ කට්ටියගේ ප්‍රභූත්වය. ඒ කට්ටියගේ ප්‍රභූත්වය ඉහළින් තියාගන්න, ඉහළින් වැජබෙන්න, මහජනතාව වියදම් කරන්න ඕන, ගේ හදන්න විතරක් ලක්ෂ පන්දහස් ගණනක් වියදම් කරලා  මේ සැරේ අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 150 ක් ප්‍රථිසංස්කරණය කරනවා ඒකට යන්නෙත් ලක්ෂ හයදහස් පන්සියයි.

මහින්ද මහත්තයා හිටපු ගේ පිළිසකර කරන්න, අලුත්වැඩියා කරන්න විතරක් ලක්ෂ පන්දහස් ගණනක් ගිහිල්ලා.අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභීන්ට ගෙවල් හදල දෙනවා 150 ක් ඒ 150 ටම වැය කරලා තියෙන්නේ ලක්ෂ 1400 යි. ඔන්න ඕක තමයි ඇත්ත කථාව.

ඒ නිසා විශ්‍රාම ගියපු කට්ටියව බලා ගන්නවා හරි ගෞරව කරනවා හරි කියන ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ.ඔවුන්ගේ ප්‍රභූත්වය වෙනුවෙන් සිතැඟි වෙනුවෙන් මහජන ධනය, මහජන දේපළ ඒ පැත්තට ගොඩ ගහන්න  ඕන, ඒවා වියදම් කරන්න ඕන ,ඒක ඒ කට්ටියගේ අයිතියක්, බූදලයක් , ඒ කට්ටියගේ ප්‍රභූත්වය නඩත්තු කිරීම වෙනුවෙන් , වැජඹීම වෙනුවෙන් සල්ලි වෙන් කරන්න ඕන, ඒවා වෙනස් කරන්න ඕන නැද්ද රටේ? දේශපාලඥයා කියන කෙනාට මොකක්ද විශේෂත්වය.

දේශපාලනය කියන්නෙත් වෘත්තියක්. දේශපාලඥයා කියන කෙනා උඩ තියන්න ඕන නෑනේ, ප්‍රභූත්වයට නංවන්න ඕන නෑ, ඔහු අදාල කර්තව්‍යය කරනවා. කරාට පස්සේ ඔහු සාමාන්‍යය මනුස්සයෙක් විදිහට ජීවත් වෙනවා, නීතියට උඩින් සාමාන්‍යය මිනිස්සුන්ට උඩින් , මහ පොළවට උඩින් එහෙම ඉන්න ඕන නෑ,දැන් අවුරුද්දයි ජනාධිපති පත් වෙලා ඒ අවුරුද්ද ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙච්ච බොහෝ දේවල් අපි වෙනස් කරන්න, පිළිවලක් කරන්න පටන් අරන් තියෙනවා.”
 

 

0 comments

Leave a Reply

Post Comment